Home » ශ්‍රී ලංකාව සවිමත් කරන්න චයිනා මර්චන්ට් සමූහයෙන් ඩොලර් බිලියන 2කට වැඩි ආයෝජන
Asia Business China Economy Sri Lanka

ශ්‍රී ලංකාව සවිමත් කරන්න චයිනා මර්චන්ට් සමූහයෙන් ඩොලර් බිලියන 2කට වැඩි ආයෝජන

වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ශක්තියක් වෙමින් අමෙරිකානු ඩොලර් බිලියන 2කට වැඩි ආයෝජන ශ්‍රී ලංකාවේ සිදු කිරීමට චයිනා මර්චන්ට් සමූහය (CMG) පියවර ගෙන තිබේ.

සිය නවතම ආයෝජන සැලසුම් තුළින්, මේ දක්වා ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවන බවට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින චයිනා මර්චන්ට් සමූහයේ (CMG) සභාපති මියාඕ ජියැන්මින් මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ හම්බන්තොට ජාත්‍යන්තර සමූහයේ ව්‍යාපාර හවුල්කරුවෙකු වන CMPort සමාගමේ මවු සමාගම වන චයිනා මර්චන්ට් සමූහය, චීනයේ විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන අතර, පළමුවරට දිවයිනේ සංචාරයක යෙදුනු CMG සභාපති මියාඕ ජියැන්මින් මහතා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ව්‍යාපෘති 15ක් සඳහා අත්සන් තැබීමේ උත්සවයට සහභාගී වී තිබෙන අතර 2008 වසරේ ශ්‍රී ලංකා වෙළඳපොළට පිවිසි චයිනා මර්චන්ට් සමූහය 2023 වසර ආරම්භය වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.68ක ආයෝජන රැස්කරගෙන ඇත.

ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ආයෝජනයක් සහිතව කොළඹ නවීන සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම වෙනුවෙන් CMG සමූහය ශ්‍රී ලංකා රජය සමඟ ඇතිකර ගත් ගිවිසුමකට ද සභාපතිවරයා අත්සන් තබා තිබෙන අතර මෙම නව ගිවිසුමත් සමඟ CMG විසින් ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජන සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවන බවද එය දිවයිනේ විශාලතම විදේශ ආයෝජන ව්‍යවසාය බවද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසයි. හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියන් සාගරයේ බලවත් මෙන්ම දීප්තිමත් සන්ධිසථානයක් බවට පත්කරමින්, මෙම සාරවත් භූමියේ, අපූර්ව පරිච්ඡේදයක් සටහන් කිරීම ඔවුන්ගේ අධිෂ්ඨානය බව CMG සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි. හම්බන්තොට සමුද්‍රීය මධ්‍යස්ථානයේ 12 වැනි මහලේ පැවති උත්සවයේ දී අවබෝධතා ගිවිසුම්, වාණිජ ගිවිසුම්, කාර්යාල බදු සහ ඉඩම් බදු ගිවිසුම් අත්සන් කෙරිණි. තිරුබදු රහිත වෙළෙඳ සල් වන භාතිය වෙළෙඳ සමාගම සහ යුනයිටඩ් ලයිෆ් සමාගම, කොස්කෝ ෂිපින්ග් ලයින්ස් ලංකා, ෂිප්ලෝඩ් මරිටයිම්, HXZA ලංකා ඉන්ටර් නැෂනල්, ලූෆෝචූන් ඉන්වෙස්මන්ට්, චයිනා ස්ටේස්කන්ස්ට්‍රක්ශන් ඉන්ජිනියරින් කෝපරේෂන්, සයිනොපෙක් ඉන්ධන ලංකා සමාගම, සහ ඉන්ච්කේප් මැකිනොන්ම කෙන්සි යන සමාගම් එම අවස්ථාවට සහභාගි විය.

වරාය සහ කර්මාන්ත උද්‍යාන කළමනාකරණය පිළිබඳ පොහොසත් අත්දැකීම් සහ උසස් තාක්ෂාණය චයිනා මර්චන්ට් සමූහය මෙරටට ගෙන එයි. හම්බන්තොට වරාය, දිවයිනේ මෙන්ම ඉන්දීය සාගර කලාපයේ වැදගත් සැපයුම් මධ්‍යස්ථානයක් සහ කර්මාන්ත කලාපයක් බවට පත්කි රීමට සියලු සැලසුම් CMG සමූහය විසින් සකසනු ඇත.

CMG සමූහයේ උපසභාපතිවරුන් වන ඩෙන්රෙන්ජි සහ ෆන්ග් බෝමින්, CMG හි අනුබද්ධිත, HIPG ගෝලීය සහකරු වන, CMPort සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වැන්ග්ෂී ෆැන්ග්, HIPG ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන්ලියු සහ HIPS ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවික්‍රම මහත්වරුද උත්සවයට සහභාගි වූහ.

මූලාශ්රය : Dinamika

Translate