Home » වසර 30කට පසු ලොව විශාලතම අයිස් කුට්ටිය ගමන් කරන්නට පටන්ගනී
Featured News Science

වසර 30කට පසු ලොව විශාලතම අයිස් කුට්ටිය ගමන් කරන්නට පටන්ගනී

ලොව විශාලතම අයිස් කුට්ටිය වසර 30කට වැඩි කාලයකට පසු සාගර පත්ලේ සිරවී ගමන් කරමින් සිටින බව පර්යේක්ෂකයන් හදුනාගෙන තිබේ.

A23a ලෙසින් හැදින්වෙන මෙම අයිස් කුට්ටිය  1986 දී ඇන්ටාක්ටික් වෙරළ තීරයෙන් පළමු වරට ගමන් කරන බව හඳුනාගෙන තිබුණි.
 එය අයිස් දූපතක් බවට පත්වුයේ Weddell මුහුදට ගොඩවීමත් සමගය.
මෙම අයිස් කුට්ටිය ප්‍රමාණයෙන් ඉතා විශාලය. දළ වශයෙන් වර්ග කිලෝමීටර් 4,000 (වර්ග සැතපුම් 1,500) ප්‍රදේශයක් පුරා විහිද ඇත.කෙටියෙන්ම කිවතොත් එය මහා ලන්ඩනය මෙන් දෙගුණයකටත් වඩා විශාලය.

පසුගිය වසරේ  වේගයෙන් ගසාගෙන යමින් සිටි මෙම අයිස් කන්ද , දැන් වනවිට  ඇන්ටාක්ටික් ජලයෙන් ඔබ්බට ගලා යාමට ආසන්න වෙමින් පවතියි.

A23a යනු සැබෑ දැවැන්තයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.මෙම අයිස් තට්ටුව මීටර් 400 (අඩි 1,312) පමණ ඝනකමකින් යුක්ත වේ. ඒ අනුව එය යුරෝපයේ උසම ගොඩනැගිලි වන ලන්ඩන් ෂාර්ඩ් මීටර් 310 ටත් වඩා විශාල වෙයි.

A23a යනු සුදු මහාද්වීපයේ ෆිල්ච්නර් අයිස් තට්ටුවේ සිට විශාල කන්දක පැතිරීමක කොටසකි.එකල එය සෝවියට් පර්යේෂණ මධ්‍යස්ථානයක අධීක්ෂණයට ලක් වූ අතර නමුත් එහි මුලාරම්භය කුමක්ද යන්න පිලිබදව කිසිවෙකුටත් හදුනාගැනීමට හැකිව නැත.

ඒ අනුව ඔවුන් මොස්කව් ඩ්රුෂ්නායා කඳවුරෙන්, උපකරණ ඉවත් කිරීමට ගවේෂණ කණ්ඩායමක් පිටත් කර හරිනු ලැබුවේය.ඒ  එය නැති වනු ඇතැයි යන බියෙනි.නමුත් එය සාර්ථක නොවිණි.

දැන් වසර 40කට පමණ පසු A23a නැවතත්  ගමන් කරමින් පවතී.

මේ සම්බන්ධව බ්‍රිතාන්‍යයේ දුරස්ථ සංවේද විශේෂඥ වෛද්‍ය ඇන්ඩෲ ෆ්ලෙමින් පැවසුවේ ඔහු මේ පිලිබදව  සගයන් කිහිප දෙනෙකුගෙන් විමසා සිටි බවත් ,එයට හේතුව වශයෙන් ජල උෂ්ණත්වයේ කිසියම් වෙනසක් තිබේදැයි කල්පනා කළ බවත්,නමුත් සියල්ලන්ගේම එකගතාවය වුයේ දැන් එය ගමන් කිරීමට කාලය පැමිණ ඇති බවත්ය යනුවෙනි.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ එය 1986 සිට ඇතිවෙමින් තිබු බවත් ඔහු  2020 දී පළමු චලනය දුටු බවත් ය.

එසේම පහු පවසන්නේ  A23a මෑත මාසවලදී දැඩි සුළං තත්ත්වය සහ ස්වභාවික විපර්යාස හේතුවෙන් එය ගමන් කිරීම අරබා ඇති බවත් මේ වන විට ඇන්ටාක්ටික්  අර්ධද්වීපයේ උතුරු කෙළවර පසුකරමින් පවතින බවත් ය.

කෙසේනමුත් Weddell අංශයෙන් බොහෝ අයිස් කුට්ටි මෙන්, A23a නිසැකව ඇන්ටාක්ටික් වටකුරු මුහුදු සීමාවට මුදා හරිනු ඇත.එය දකුණු අත්ලාන්තික් සාගරය දෙසට “අයිස්බර්ග් ඇලී” ලෙස ප්‍රසිද්ධ වී ඇති මාර්ගයකට ආසන්න වනු ඇත.

අවසානයේදී මෙම  සියලු අයිස් කදු   දිය වී වියළී යාමට ලක්වෙයි.

විද්‍යාඥයන් A23a හි වෙනස්වීම් සමීපව නිරීක්ෂණය කරනු ඇත

ඔවුන්ගේ අනුමානයට අනුව එය දකුණු ජෝර්ජියාවේ ගොඩබිමට ගියහොත්, එය දිවයිනේ බෝ වන මිලියන ගණනක් සීල්, පෙන්ගුවින් සහ අනෙකුත් මුහුදු පක්ෂීන්ට ගැටළු ඇති කළ හැකිය.

A23a හි විශාල බව සතුන්ගේ සාමාන්‍ය ආහාර මාර්ගවලට බාධා කළ හැකි අතර, ඔවුන්ගේ පැටවුන්ට නිසි ලෙස පෝෂණය කිරීමටද ඉන් අවස්ථාව ඇහිරෙයි.

නමුත් අයිස් කුට්ටි යනු අනතුරුදායකම  වස්තූන් ලෙස සිතීමත්  නිවැරදි නැත.පුළුල් පරිසරයට ඔවුන්ගේ වැදගත්කමක් ඇත.

මෙම විශාල පර්වත දියවන විට,අයිස්වලට ඇතුළත් වූ ඛනිජ දූවිලි මුදා හරියි. මෙය  දූවිලි සාගර ආහාර දාමයේ පදනම වන ජීවීන් සඳහා පෝෂ්‍ය පදාර්ථ ප්‍රභවයකි.

වුඩ්ස් හෝල් සාගර විද්‍යා ආයතනයේ ආචාර්ය කැතරින් වෝකර්  පවසන්නේ මෙම අයිස් කදු  සැබවින්ම බොහෝ ආකාරවලින් ස්වාභාදහමට  ජීවය ලබා දෙනු බවයි .එසේම  ඒවා බොහෝ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් සඳහා මූලාරම්භ වෙන බවයි.

මූලාශ්‍රය: ලංකා ගොසිප්

Translate