Home » දුම්වැටි තහනම් නීතියක් අහෝසි කිරීමට නවසීලන්තය සැරසෙයි
Europe Featured News

දුම්වැටි තහනම් නීතියක් අහෝසි කිරීමට නවසීලන්තය සැරසෙයි

වසර 2008 න් පසු උපත ලැබූ නවසීලන්ත ජාතිකයන්ට දුම්වැටි අලෙවි කිරීම සම්පූර්ණයෙන් නතර කරමින් පැවති නවසීලන්ත රජය විසින් හඳුන්වා දුන් නීතිය බදු ආදායම් උපයා ගැනීමේ අරමුණින් අහෝසි කිරීමට එරට අලුතින් පත්ව ඇති රජය විසින් තීරණය කර තිබේ.

නොබෝදා නවසීලන්තයේ පැවති මහ මැතිවරණයෙන් ජය ගෙන අගමැති ධුරයට පත් ක්‍රිස් ලුක්සෝන් ගේ රජය විසින් ගෙන ඇති මෙම තීරණය නවසීලන්තයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ කණස්සල්ලට මෙන්ම කම්පනයට හේතු වී ඇති බව වාර්තා වේ.

හිටපු අගමැතිනි ජසින්දා ආඩන්ගේ රජය විසින් 2022 වසරේදී අනාගත පරපුර දුම් පානයෙන් මුදාගැනීම සඳහා 2008 වසරෙන් පසු උපත ලැබූවන්ට ලබන වසරේ සිට දුම්වැටි අලෙවිය කිරීමේ නීතියක් සම්මත කරගෙන තිබූ අතර එය අනුකරණය කරමින් එංගලන්ත අගමැති රිෂි සුනක්ද එංගලන්තයේ තරුණ පරපුරට දුම්වැටි අලෙවිය තහනම් කිරීමේ නීතියක් ගෙන ඒමට සැළසුම් කර තිබේ.

මූලාශ්‍රය : දිවයින

Translate