Home » තරුණවියේදී අකලට හිස කෙස්යෑම
Featured News South Asia Sri Lanka

තරුණවියේදී අකලට හිස කෙස්යෑම

කාන්තාවන් සහ පිරිමි දෙපාර්ශ්වයේ ම රුව අලංකාරය වඩවන අංගයක් බවට හිස කෙස් පත්ව ඇත. විශේෂයෙන් ම කාන්තාවන්ට හිස කෙස් යනු ආභරණයකි. ඔවුනගේ පංච කල්‍යාණියට අයත් ප්‍රධානතම කල්‍යාණියක් වනුයේ කේෂ කල්‍යාණිය හෙවත් හිස කෙස්ය. දිගු දීප්තිමත් වරලසක් ඇති යුවතිය අන් අයගේ ආකර්ශනයට ද ලක්වේ.

එනිසා හිසකෙස් රැකගැනීමට කොයි කවුරුත් වැඩි උනන්දුවක් දක්වති. නමුත් අකලට හිසකෙස් යෑමට ලක්වීම වර්තමාන තරුණ පරපුර අතර බහුලව දකින්නට ලැබෙන රෝගයක් බවට පත්ව තිබේ. එනිසා මෙය ඔවුනට දැඩි මානසික පීඩනයක් ගෙන දෙන්නක් බවට පත්ව ඇත.

අකලට හිස කෙස් යෑම

සෑම පුද්ගලයකුගේම හිසකෙස් ගසකට ආයු කාලයක් තිබේ. ඒ අනුව එය හිසේ හටගත් පසු නියමිත දින ගණනකට පසු ගැලවී යයි. මෙසේ හිසකෙස් ගැලවී යෑමට සමානව අලුතින් හිස කෙස් හටගනී.

නමුත් හිසකෙස් නිසිලෙස හටගැනීමට සහ එය වර්ධනය වී නිසි කාලසීමාව පැවතීමට අවශ්‍ය පෝෂණය අඩුවූ විට හිස කෙස් අකලට ගැලවී යයි. එවිට හිසේ අලුතින් හටගන්නා කෙස් ගස්වලට වඩා ගැලවී යන කෙස් ප්‍රමාණය වැඩි වේ. එවැනි අවස්ථාවක දී තට්ටය පෑදීම, හිස කෙස් තැනින් තැන විශාල ලෙස අඩුවීමක් ආදිය දැකිය හැකිය.

පිරිමින්ගේ හිසකෙස් යෑම සම්බන්ධයෙන් 1960 වසරේ දී ඔරෙන්ටේ‍රයිව් විසින් පැවසුවේ එය ඇන්ඩ්‍රොජෙනටික් ඇලෝපේෂියා නැමැති තත්ත්වය නිසා මතුවන්නක් බවය. එය ඇතිවන්නේ ඔවුන්ගේ ටෙස්ටොස්ටොරොන් (Testostorone) හෝමෝනයේ ඩයයීඩ්‍රො ටෙස්ටොස්ටොරොන් (Dද්‍යhydro Testostorone) මට්ටම වැඩිවීම මතය. වෙනත් රසායනික හේතුමත ද මෙය උග්‍රවේ.

කාන්තාවන්ගේ ද ඊස්ට්‍රජන් (Estrogen) හෝමෝනයේ ඇතිවන වෙනස්කම් නිසා හිසකෙස් අකලට යෑමට බලපෑම් ඇති කරයි.

හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය අඩුවී යෑම සහ හෝමෝන බලපෑමට අමතරව අකලට හිසකෙස් ගැලවී යෑමට බලපාන අනෙකුත් හේතු අතර මානසික බලපෑම, දේශගුණික විපර්යාස, පොතුකබර රෝගය, දූවිලි, රසායනික ද්‍රව්‍ය ආදිය අධික ලෙස හිසෙහි තැන්පත් වීම සහ නිතර නිතර ඒවාට නිරාවණය වීම, විවිධ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ආලේප වර්ග හිසෙහි ගැල්වීම, හිස කෙසේ වර්ණ ගැන්වීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍යවල බලපෑම, අධික උෂ්ණත්වය සහිත ස්ථානවල සේවය කිරීම, හිසකෙස් හැඩ ගැන්වීම සඳහා භාවිත කරන රත් කිරීමේ ක්‍රම සඳහා නිතර යොමුවීම, උණුසුම් ජලයෙන් නිතර ස්නානය, රාත්‍රී කාලයට ස්නානය, පිළිකා රෝග, ජානමය හේතුමත ආදී විවිධ හේතු නිසා හිසකෙස් අකලට ගැලවී යෑම සිදුවේ.

අකලට හිසකෙස් යෑම වළකන චීන කටු ප්‍රතිකාර

අකලට හිසකෙස් යෑමට බලපාන කුමන හේතුවවුව එය පාලනය කර හිසකෙස් හටගැනීම වර්ධනය කරවන්නට හැකි ප්‍රතිකාර රැසක් චීන කටු ප්‍රතිකාර ක්‍රමය තුළ පවතී. ඇතැම් දෙනා හිස කෙසේ ගැලවී යනවිට හිසකෙස් සිටුවීමේ ප්‍රතිකාර සඳහා යොමුවේ. එය කොතෙක් දුරට සාර්ථක දැයි කියා නිශ්චිතවම කිව නොහැකිය.

චීන කටු (Acupuncture) ප්‍රතිකාර ක්‍රමයේදී භාවිත කරන විශේෂ ප්‍රතිකාරයක් වනුයේ සප්තාකාර කටු චිකිත්සාවය. (Plum Bosom) මෙම ප්‍රතිකාරය අකලට හිසකෙස් යෑම වළක්වා ගන්නට හැකි සාර්ථක ක්‍රමයකි. ඊට අමතරව හිස කෙසේ යෑමට බලපා ඇති හිසේ ඇති නිල චීන කටු මගින් තෙරපුමට ලක්කිරීම (Needle) සිදුකරනු ලබයි. එය දින 8 ත් 10 ත් අතර කාලයක් සිදුකළ යුතුය.

ඇඟිලි තුඩු ආධාරයෙන් හිසෙහි නිල සම්බාහනය විද්‍යුත් උත්තේජක යන්ත්‍ර භාවිතයෙන් නිල උද්දීපනයට ලක්කිරීම, කොස්මැටික් ඇපරේටර් යන්ත්‍ර භාවිතය මගින් නිල උත්තේජනය කිරීම ආදී ප්‍රතිකාර ක්‍රම රැසක් භාවිත කරනු ලබයි.

අකලට හිස කෙස් යෑමට බලපා ඇති හේතු සහ හිසකෙස් ගැලවී යන ප්‍රමාණය අනුව වෛද්‍යවරයා විසින් අදාළ ප්‍රතිකාර ක්‍රම තීරණය කරයි.

මේ කිසිදු ප්‍රතිකාර ක්‍රමයක දී ඖෂධ වර්ග බීමට ලබාදීම හෝ ආලේප වර්ග ගැල්වීමක් සිදුනොකරන නිසා සිරුරට අතුරු ආබාධ ඇති නොවේ. එය චීන කටු ප්‍රතිකාරයේ ඇති විශේෂ ලක්‍ෂණයකි.

Translate