Home » හොර බෙහෙත් සිද්ධියට මුදල් අමාත්‍යංශයේ දෙදෙනකුගෙන් ප්‍රශ්න කරයි
Featured News South Asia Sri Lanka

හොර බෙහෙත් සිද්ධියට මුදල් අමාත්‍යංශයේ දෙදෙනකුගෙන් ප්‍රශ්න කරයි

නිසි ක්‍රමවේදයකින් නොමැතිව ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් කුප්පි මීළදී ගෙන රජයේ රෝහල්වලට බෙදාහැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය හා එහි සංවර්ධන මුල්‍ය අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද  පැය 9 ට ආසන්න කාලයක්  ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව මොවුන් අද  පෙරවරු 8.00 පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටි අතර, මෙම ප්‍රශ්න කිරීම පස්වරු 4.00 දක්වා සිදුකෙරිණි.

ඖෂධ මිළදී ගැනීමට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ ඒ සදහා ලබා දුන් මාර්ග උපදේශනය සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම් සිදු කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මුදල් අමාත්‍යාංශයේ තවත් කිහිප දෙනකුගෙන් ඉදිරියේ දී ප්‍රශ්න කිරීමට නියමිත බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධියේ විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත පයාගල මහතා ගේ මෙහෙවීමේ මෙම විමර්ශන සිදුකෙරේ.

සිද්ධියේ සම්න්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අවස්ථා කිහිපයක් වෛද්‍ය සැපයුම් අංශයේ පරික්ෂාවට ලක්කර එහි ලිපිලේඛන  රැසක් සිය බාරයට ගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසයි.

මූලාශ්‍රය: ලංකාදීප

Translate