Home » මිලියනයක් ඉක්මවා ගිය සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් දෙන්න ශ්‍රී ලංකාවට හැකිද?
Featured News South Asia Sri Lanka Tourism Travel

මිලියනයක් ඉක්මවා ගිය සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් දෙන්න ශ්‍රී ලංකාවට හැකිද?

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දරන උත්සාහයේ දී සංචාරක තුළින් උපයන විදේශ විනිමය ඉපයීම වැඩි කර ගැනීම රජයේ ප්‍රධාන ඉලක්කයක් වී තිබේ.

2019 පසු ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම මිලියනය ඉක්මවා යෑම මේ වසරේ වාර්තා වූ අතර 2023 ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා පැමිණි මුළු සංචාරකයින් ගණන 1,125,255කි.

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ ආගන්තුක සත්කාර ගැන සංචාරකයෝ ඉතා සතුටින් කතා කරති. නමුත් අන්තර්ජාල පහසුකම් ප්‍රමාණවත් නොවීම, වැඩිපුර මුදල් අය කිරීම, වැසිකිලි පහසුකම් නොමැති වීම, විදුලිය නොමැති වීම, අනතුරුදායක ලෙස රිය පැදවීම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් සංචාරකයින් කණස්සල්ල පළ කරන බව BBC සිංහල සේවය කළ ගවේෂණයක දී අනාවරණය විය.

විශාල ප්‍රාග්ධන අවශ්‍යතාවක් නොමැතිව ඇතැම් ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව ඇති බව සංචාරක කර්මාන්තයේ නිරත වූ අය පැවසූහ.

‘හැම අඩුපාඩුවක්ම ඇත්ත. මට තියෙන කණගාටුව ඇයි තවම මේවා හැදිලා නැත්තේ කියලා. මම දකින විදියට සංචාරක අමාත්‍යාංශය තුළින් සංචාරක කර්මාන්තයට කළ යුත්තේ 10%ක වැඩ කොටසක් විතරයි. මොකද සංචාරක ව්‍යාපාරයම කියන්නේ පුද්ගලික දෙයක්. හෝටල්, රෙස්ටුරන්ට්, සෆින් ක්ලබ් මේ හැම එකක්ම අයිති පුද්ගලික අංශයට. රජය අමාත්‍යාංශය තුළින් කරන්නේ නියාමනයන් ගේන එක. නීතිරීති දාන එක. අධීක්ෂණය කරන එක. බලපත්‍ර දෙන එක. නමුත් හරිම අවාසනාවකට මේ 10%ත් අද වෙනවා ද කියන එක ප්‍රශ්නයක්.” යනුවෙන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ BBC සිංහල සේවයට පැවසුවා ය.

මූලාශ්රය: බීබීසී

Translate