Home » ජෝර්දානයෙන් ලාංකිකයින් 31ක් පිටුවහල් කෙරේ
Featured News South Asia Sri Lanka

ජෝර්දානයෙන් ලාංකිකයින් 31ක් පිටුවහල් කෙරේ

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජෝර්දානයේ මහජන ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලය සමඟ සහයෝගයෙන් ජෝර්දාන බලධාරීන් විසින් පිටුවහල් කිරීමේ නියෝගයක් ලබා දී ඇති ශ්‍රී ලාංකිකයන් තිස් එක් දෙනෙකු පිටුවහල් කිරීමට පහසුකම් සලසා ඇත.

ඒ අනුව අදාළ පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් ඉකුත් 27වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි බව අම්මාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.

මෙම ශ්‍රී ලාංකිකයින් 2023 ජූලි 22 වැනිදා රැකියා අවස්ථා සොයා ගැනීමේ අපේක්ෂාවෙන් සංචාරක වීසා මත ජෝර්දානයට ඇතුළු වී තිබේ. පසුව, 2023 ඔක්තෝබර් 12 වැනිදා උතුරු අම්මාන් අධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට අනුව ඔවුන් උතුරු අම්මාන් පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන රැදවුම් මධ්‍යස්ථානවල රඳවා තබා තිබේ.

සංක්‍රමණික ශ්‍රමිකයින් සංචාරක වීසා මත පැමිණ කාලය ඉක්මවා රැඳී සිටීම හෝ නීතිවිරෝධී ලෙස ජාත්‍යන්තර දේශසීමා තරණය කිරීමට උත්සාහ කිරීම මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

2023 ජනවාරි සිට මේ දක්වා, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතරමං වූ ශ්‍රී ලාංකිකයන් 120 ක් පමණ පිටුවහල් කිරීමට පහසුකම් සැලසීමට ජෝර්දානය බලධාරීන්ගේ සහාය ඇතිව ක්‍රියාකාරීව සම්බන්ධ වී තිබේ.

මූලාශ්‍රය : දිනමිණ

Translate