Home » කත්‍රිනාට වට්ස්ඇප් අනුගාමිකයන් මිලියන 16ක්
Celebrity Entertainment Featured India News South Asia

කත්‍රිනාට වට්ස්ඇප් අනුගාමිකයන් මිලියන 16ක්

බොලිවුඩයේ අතිශය ජනප්‍රිය තාරකාවක වූ කත්‍රිනා කායිෆ් වට්ස්ඇප් මවු සමාගම වූ මෙටා හි හිමිකරු මාක් සකර්බර්ග්, රැප් ගායක බෑඩ් බනි වැන්නන් පවා පරදා වැඩිම අනුගාමිකයන් සිටින තරුව බවට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව නෙට්ෆ්ලික්ස් අනුගාමිකයන් ගණන මිලියන 16.8 කි.

කත්‍රිනා ඉකුත් 2003 වසරේ බූම් සිනමා පටයෙන් බොලිවුඩ් තාරකාවක වූ අතර Maine Pyaar Kyun Kiya? රංගනයත් සමග සුපිරි තාරකාවක් විය. ඉදිරියේ දී ඇය රංගනයෙන් දායක වූ Phone Bhoot, Tiger 3″ Merry Christmas චිත්‍රපට තිරගතවීමට නියමිතය.

කත්‍රියා කයිෆ් වට්ස්ඇප් චැනලය ආරම්භ කරන ලද්දේ සැප්තැම්බර් මස 13 වැනිදාය. මේ වනවිට ඇයගේ අනුගාමිකයන් ගණන මිලියන දාහතරකි. මේ අනුව ඇය ලොව වැඩිම වට්ස්ඇප් අනුගාමිකයන් සංඛ්‍යාවක් සිටින පුද්ගලයා ය. මේ ආරංචිය ඇයට ලැබෙන්නේ ද ඇය බොලිවුඩයට පැමිණ විසි වසරකට පසුව ය.

මූලාශ්‍රය : දිවයින

Translate