Home » නව අධ්‍යාපන ක්‍රියාවලියෙන් ශිෂ්‍යත්ව විභාගයේදී සිසුන් පාසල් එන දින ගණනටත් ලකුණු
Featured News South Asia Sri Lanka

නව අධ්‍යාපන ක්‍රියාවලියෙන් ශිෂ්‍යත්ව විභාගයේදී සිසුන් පාසල් එන දින ගණනටත් ලකුණු

නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේදී පවා හතර, පහ ශ්‍රේණි දෙකේදී පන්ති කාමරයේ රැඳී සිට උපයා ගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින නිසා ඉදිරියේදී පාසල් පන්ති කාමරය තුළ රැඳී සිටීම අනිවාර්ය බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

මාපියන් නොවිඳිනා දුක් විඳ දරුවන් උපකාරක පන්ති යැවිය යුතු නම් පාසල් තිබීම වැඩක් නොමැති බව ද ඇමැතිවරයා පැවසුවේය.

අතිපූජ්‍ය නිවිතිගල ධම්මානන්ද නාහිමි අනුස්මරණ ශිෂ්‍යත්ව පදනමේ අයගම කොට්ඨාසයේ 2022 ශිෂ්‍යත්ව සමතුන් ඇගැයීමේ උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පසුගියදා ප්‍රකාශ කළේය.

අධ්‍යාපනය යනු ශාලාවක් තුළ දරුවන් 1500ක් පමණ රැස්කර දේශන පැවැත්වීමෙන් සාර්ථක කර ගත හැකි ක්‍රියාවලියක් නොවන බවත් එය දරුවන්ගේ විනය සැකසීම, බහුවිධ කුසලතා හා නිපුණතා සංවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු සංකීර්ණ ක්‍රියාවලියක් බවත් ඇමැතිවරයා පැවසුවේය.

ප්‍රාථමික පන්තිවල සිසුන් සඳහා එවැනි දේශන පැවැත්වීමේ උපකාරක පන්ති ක්‍රම අදාළ කර ගැනීම කිසිසේත් ප්‍රායෝගික නොවන බව ද ඇමැතිවරයා කීය.

මූලාශ්‍රය : දිනමිණ

Translate