Home » ජනපති බලධාරීන්ට මාස 5ක් කල්දෙයි
Economy Featured News South Asia Sri Lanka

ජනපති බලධාරීන්ට මාස 5ක් කල්දෙයි

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන්ව ඇති මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක් කඩිනමින් ඉදිකරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ මාස 5ක කාලයක් ඇතුළත මෙම නව ගුවන් පාලම ඉදිකරන ලෙසට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා වෙත දැනුම් දී ඇති බවය.

එම කාලය දක්වා තාවකාලික ප්‍රවේශ මාර්ගයක් දින 10ක් තුළ ඉදිකරන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

දැනට ඇති ගුවන් පාලම කඩා ඉවත් කිරීමට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා හදිසි අවශ්‍යතාවක් සේ සලකා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අදාළ කාර්ය පවරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

නිර්මාණ හා ඉදිකිරීම අධීක්ෂණය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබන අතර මෙම සියලු කටයුතු අද සිට ආරම්භ කරන ලෙස එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ. 

මූලාශ්‍රය: අදදෙරණ

Translate