Home » මේගන් මාක්ල් පවුම් මිලියන 11 ක ‘සුපිරි හෝටලයක’ රැඳී සිටීම හොලිවුඩ් හී ප්‍රධාන පුවතක් වෙයි
Entertainment Europe Featured News

මේගන් මාක්ල් පවුම් මිලියන 11 ක ‘සුපිරි හෝටලයක’ රැඳී සිටීම හොලිවුඩ් හී ප්‍රධාන පුවතක් වෙයි

මේගන් සහ හැරී කුමරු දැන් ජීවත් වන්නේ ලොස් ඇන්ජලීස් හි ඇයගේ talent agency ආයතනයට සැතපුම් 100ක් පමණ දුරින් පිහිටි මොන්ටෙසිටෝ හි පවුම් මිලියන 11 ක මන්දිරයක ය.

මේගන් මාක්ල්, පසුගිය කාලයේ ගත කළ දුෂ්කර මාස කිහිපයකින් පසුව ඇයගේ හොලිවුඩ් වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය කරා අඛණ්ඩව ගමන් කරමින් සිටින්නීය.
ඇය The Beverly Hills හෝටලයේ වැඩි කාලයක් ගත කරන බව වාර්තා වේ.

42 හැවිරිදි ඇය ලොස් ඇන්ජලීස් හි ඇගේ talent agency  වන ‘විලියම් මොරිස් එන්ඩෝවර්ට‘ ආසන්න හෝටලයක පදිංචි වී සිටින බවට කටකතා පැතිරීමෙන් පසුව මෙම පුවත වාර්ථා විය.

මේ අතර මේගන් රසිකයන් පිරිසක් සමග සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටි අතර එම  ඡායාරූපය සමාජ මාධ්‍යවල හුවමාරු විය.  ඡායාරූපයේ පෙනී සිටි ජෙන් නම් තරුණියක් පවසා සිටියේ ,  රාත්‍රී ආහාරය සඳහා යන අතරතුර, මේගන් මාකල් දුටු බවත්, ඇය සමග මිත්‍රශීලී හා  හොඳ සංවාදයක් පැවත් වූ බවත්ය.”

හැරී කුමරුත් මේගන් සමඟ සිටියේ දැයි ඇසූ ප්‍රශ්නයට “ඇය තනිවම සිටියා” යැයි පමණක් පිළිතුරු දුන් ජෙන් ,  අමතර තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.  

මේගන් ඇගේ ඒජන්සිය හරහා හෝටල් සංකීරණයක සාප්පුවක් ආරම්භ කර ඇති බවට කටකතාවක්ද මේ වන විට පැතිරෙමින් පවතී.

ඇයගේ නියෝජිතායතනය වන WME හී  කාර්යාල තුනක් බෙවර්ලි හිල්ස් හි පිහිටා ඇත. ඒවා මෙම හෝටලයේ සිට සැතපුම් 1.5 ක් පමණ දුරින් පිහිටා ඇති අතර, ඉතා අඩු කාලයකින් එයට ලගා වීමේ හැකියාවක් පවතී.

 දැනට මේගන් ජීවත් වන ප්‍රදේශයට වඩා මෙම හෝටලය නිෂ්පාදන සමාගම් හා කාර්යාලවලට ඉතා සමීප වේ. ලොස් ඇන්ජලීස් හි Netflix  කාර්යාලය හෝටලයේ සිට සැතපුම් 6 ක් දුරින් පිහිටා ඇති අතර Disney හි මූලස්ථානය සැතපුම් 10 ක් පමණ දුරින් පිහිටා ඇත.

මූලාශ්රය: ඕපාදූප ප්රවෘත්ති

Translate