Home » ඊශ්‍රයාල – පලස්තීන යුද්ධයෙන් රැකියා කරන ශ්‍රී ලාංකිකයෙකු වෙඩි වැදී තුවාල ලබයි
Asia Defence Featured Global News Israel News Sri Lanka

ඊශ්‍රයාල – පලස්තීන යුද්ධයෙන් රැකියා කරන ශ්‍රී ලාංකිකයෙකු වෙඩි වැදී තුවාල ලබයි

ගාසා තීරයේ ගැටුමෙන් ශ්‍රී ලාංකිකයෙකු ද තුවාල ලබා ඇති අතර තවත් ශ්‍රිලාංකිකයෙකු අතුරුදන් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 8,000කට අධික පිරිසක් ජීවත් වන බවය.

එයින් බොහෝ පිරිසක් අගනුවර වන ටෙල්අවීවි, ජෙරුසලම සහ හයිෆා යන නගර කේන්ද්‍ර කරගනිමින් ජීවත් වන බවද ඒ මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් බණ්ඩාර මහතා,

“දකුණු කලාපයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තියෙන්නේ. ඔහු සංචාරක හෝටලයක සේවකයෙක්. ඔහුගේ බඩට සහ අතට වෙඩි වැදි තිබෙනවා. ඔහුව රෝහල් ගත කළා. ඔහුගේ තත්ත්වය වඩාත්ම බරපතළ නෑ. තවත් තොරතුරක් වාර්තා වුණා ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳව. ඔහු පිළිබඳ තොරතුරක් ලබා ගත නොහැකි වුණොත් රතු කුරුස සංවිධානයට තොරතුරු ලබා දෙනවා.”

මේ අතර ශ්‍රී ලංකා විදේස සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එරට තානාපති කාර්යාලය සමග එක්ව මෙරට රජය කටයුතු කරන බවය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්)  ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකුට ගැටලුවක් ඇති වුවහොත් 0094 – 716640560 අංකයට වට්ස්ඇප් ඔස්සේ තොරතුරු යොමු කළ හැකි බවය.

එමෙන්ම ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන් තොරතුරක් ලැබෙන්නේ නැති නම් ඔවුන්  පිළිබඳව තොරතුරු ලබාගැනීමට 1989 අංකය අමතා දැනුම් දෙන ලෙසද ඒ මහතා පැවසීය.

මූලාශ්රය: ඕපාදූප ප්රවෘත්ති

Translate