Home » 2024 මාර්තු වන විට රජයේ සියලු ගනුදෙනු ඩිජිටල් වෙන ලකුණු
Asia Featured News South Asia Sri Lanka

2024 මාර්තු වන විට රජයේ සියලු ගනුදෙනු ඩිජිටල් වෙන ලකුණු

ලබන වසරේ මාර්තු 31 වන විට මෙරට සියලුම රජයේ ගනුදෙනු ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බව තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති DigiEcon 2030හි ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසාද් සමරවික්‍රම මහතා සඳහන් කරනවා.

කොවිඩ්-19 වසංගතයෙන් පසු මෙරට බහුතරයක් පිරිස ඩිජිටල් ගනුදෙනු වෙත මාරු වී තිබීම මෙම පියවර කඩිනම් කිරීමට හේතුව ලෙස සඳහන් කෙරෙනවා.

එමෙන්ම ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ඩිජිටල් ආර්ථික ත්වරණය කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

මෙරට ආර්ථික අර්බුදයෙන් පසුව, මානව මැදිහත්වීම් සහ දූෂණය අවම කිරීමට, බදු හිමිකම් ඇතුළු ගනුදෙනු සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇතුළු බොහෝ ගෝලීය ආයතන ශ්‍රී ලංකා රජයට දැඩි ලෙස නිර්දේශ කර ඇත.

කෙසේ වෙතත්, බොහෝ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයේදී උදාසීන වී ඇතැයි රජයේ වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඩොලර් බිලියන 01ක විදේශ විනිමය උත්පාදනය කිරීම, ඩිජිටල් ආර්ථික ප්‍රධාන සැලැස්මක් නිර්මාණය කිරීම, ගෝලීය ආයෝජකයන් සමඟ නව්‍ය ආරම්භකයන් සම්බන්ධ කිරීම, කර්මාන්ත ප්‍රධානීන් සහ අන්තර්ජාතික ආයෝජකයන් සඳහා ජාලකරණ අවස්ථා ලබාදීම DigiEcon 2030 සැලැස්ම මගින් අපේක්ෂා කෙරෙනවා.

මූලාශ්රය: ආසියානු කැඩපත

Translate