Home » අලුත් ඇමතිවරුන් හතරක්.. විපක්‍ෂයෙන් කෙනෙක්
Asia Featured Politics South Asia Sri Lanka

අලුත් ඇමතිවරුන් හතරක්.. විපක්‍ෂයෙන් කෙනෙක්

කැබිනට් සංශෝධනයක් මේ මාසය තුළ සිදුවනු ඇති බවට දේශපාලන කවයන්හි තොරතුරු පැතිරෙමින් තිබේ.

නමුත් ජනාධිපති කාර්යාලය මෙතෙක් එම පුවත සනාථ කරන නැත.

සිදුවනු ඇතැයි කියන කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර හතරක් පිහිටවනු ඇති බවත් හිටපු අමාත්‍ය රුවන් තිදෙනකුට හා දැනට ස්වාධීනව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුට එම ධුරයන් හිමි වනු ඇති බවද සඳහන්ය.

මෙම මන්ත්‍රීවරයා දැනට පාර්ලිමේන්තුවේ විකල්ප කණ්ඩායමේ නායකයකු ලෙස කටයුතු කරන්නෙකි.

නව අමාත්‍ය ධුර නිර්මාණය කරනු ඇත්තේ දැනට ඇමැති ධුර දරන අයගේ විෂයයන් කිහිපයක් ඉවත් කරමිනි.

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට තවත් අමාත්‍යධුර අටක් පත් කිරීමේ  හැකියාව  ඇත.

මූලාශ්‍රය : ලංකා නිවුස්

Translate