Home » ශ්‍රී ලංකාව පිට පිට 13 වැනි එක්දින තරගයත් ජයගනී
Asia Featured News Sports Sri Lanka

ශ්‍රී ලංකාව පිට පිට 13 වැනි එක්දින තරගයත් ජයගනී

ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයේ දෙවන තරගයෙන් බංගලාදේශ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 21 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ( සැප්තැම්බර් මස 09) සමත් විය.

තරගය පැවැත්වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව පිට පිට එක්දින තරග 13ක් ජයග්‍රහණය කළ පළමු ආසියානු රට ලෙස වාර්තා පොත් අතරට එක්විය.

කාසියේ වාසිය දිනු බංගලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ශක්තිමත් ආරම්භය සහ තර්ජනය

පසුගිය දින කිහිපයේදී කොළඹ ප්‍රදේශයට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් අද තරගයේ ආරම්භයේ සිට බංගලාදේශ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ට එල්ල වුයේ දැඩි තර්ජනයකි.

මන්දගාමී තණ තීරුව සහ පන්දුවේ දෝලනය නිසා පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න ඉතා සෙමෙන් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු රැස් කිරීම ආරම්භ කළේය.

තරගයේ පළමු පන්දු වාර දෙකේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා හතරේ පහරවල් කිහිපයක් එල්ල කළ ද බංග්ලාදේශ පන්දු යවන්නන් අවස්ථා කිහිපයකදී යොමු කළ පන්දු හමුවේ ඔවුන් අසරණ වූ අයුරු දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 34ක් ව තිබියදී දිමුත් කරුණාරත්න දවා ගැනීමට හසන් මහමුද් සමත් විය. දිමුත්ට රැස් කිරීමට හැකි වුයේ ලකුණු 18ක් පමණි.

පැතුම් සහ කුසල්ගේ සබඳතාවය

දිමුත් කරුණාරත්න ගේ දැවී යාමෙන් පසු පිටියට එක්වූ කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩ නැගීමට කටයුතු කළේය.

බංග්ලාදේශ කණ්ඩායම තරගය සඳහා වමත් දඟ පන්දු ක්‍රීඩක නසුම් එහෙමඩ් කැඳවා තිබුණේය.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ඉතා ඉවසීමෙන් යුක්තව පන්දුවට පහර දෙමින් පන්දු 107 කදී දෙවන කඩුල්ල සඳහා ලකුණු 74ක් එක් කිරීමට සමත් විය.

පන්දු 60 කට හතරේ පහරවල් 05ක් සමගින් ලකුණු 40ක් රැස් කරමින් සිටි පැතුම් නිස්සංක ගේ කඩුල්ල දවා ගැනීමට ෂොරිෆුල් ඉස්ලාම් සමත් විය.

ඉන් පසුව පිටියට පිවිසියේ සධීර සමරවික්‍රමයි.

ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 23.2 කදී ලකුණු 108ක් ලෙසයි.

එක ළඟ වැටුණු කඩුලු

පැතුම් නිස්සංක ගේ දැවී යෑමෙන් පසු කුසල් මෙන්ඩිස් සිය අර්ධ ශතකය රැස් කළේය.

කුසල් මෙන්ඩිස් සිය අර්ධ ශතකය වාර්තා කිරීමත් සමග ෂොරිෆුල් ඉස්ලාම් ගේ පන්දුවක් හමුවේ ටස්කින් අහමඩ් ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

කුසල් මෙන්ඩිස් ගේ දැවී යාමෙන් පසු පිටියට එක්වූ චරිත් අසලංක ලකුණු 10 කට සහ ධනංජය ද සිල්වා ලකුණු 06 කට දැවි ගියේය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 37.1 කදී ලකුණු 164 කට කඩුලු 05ක් ලෙසයි.

ශ්‍රී ලංකා ඉනිමේ සය වන කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 60ක් එක් කිරීමට සධීර සමරවික්‍රම සහ නායක දසුන් ශානක සමත් විය.

පන්දු 32 කට ලකුණු 24ක් රැස් කරමින් සිටිය දසුන් ශානක දවා ගැනීමට හසන් මහමුද් සමත් විය.

නායක දසුන් ශානක ගේ කඩුල්ල දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ තවත් කඩුලු දෙකක් ඉක්මනින් දවා ගැනීමට බංගලාදේශ පන්දු යවන්නන් සමත් විය.

කෙසේ වුවත් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම් ලෙස පිතිකරණයේ යෙදුනු සධීර සමරවික්‍රම පන්දු 72 කදී හතරේ පහරවල් 8ක් සහ හයේ පහරවල් දෙකක් සමග ලකුණු 93ක් රැස් කළේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 257ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී බංග්ලාදේශ කණ්ඩායමේ ටස්කින් අහමඩ් සහ හසන් මහමුද් කඩුලු 03 බැගින් දවා ගනු ලැබිය.

බංගලාදේශ ඉනිමේ සාර්ථක ආරම්භය සහ කඩා වැටීම

ලකුණු 258ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි බංගලාදේශ ආරම්භක පිතිකරුවන් සිය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක් රැස් කළේය.

ශ්‍රී ලංකාවට තර්ජනයක් වූ බංග්ලාදේශ පිලේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ හෙලීමට නායක දසුන් ශානක සමත් විය. ඒ, පන්දු 29 කට ලකුණු 28ක් රැස් කරමින් සිටි මෙහෙදී හසන් මිර්සා ගේ කඩුල්ල දවා ගනිමින්ය.

නැවතත් ක්‍රියාත්මක වූ දසුන් ශානක විසින් බංග්ලාදේශ ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 21 ක් ලබා සිටි මොහොමඩ් නයීම් දවා ගැනීමට සමත් විය.

බංග්ලාදේශ ඉනිමේ ලකුණු පුවරුව ලකුණු 70ක් වන විට ලකුණු 03ක් ලබා සිටිය ෂකිබ් අල් හසන් ගේ කඩුල්ල දවා ගැනීමට මතීෂ පතිරණට හැකි විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් සෑම විටම බංගලාදේශ පිතිකරුවන්ට තර්ජනයක් ගෙන ඒමට සමත් විය.

බංගලාදේශ ඉනිමේ 19 වන පන්දු වාරයේ ලකුණු 83ක් වන විට ලිටන් දාස් ගේ කඩුල්ල දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් විය.

ලිටන් දාස් ගේ දැවී යාමෙන් පසු මුෂ්ෆිකර් රහීම් සහ තව්හිඩ් හිර්දෝයි බංගලාදේශ ඉනිමේ පස්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 112 කදී ලකුණු 72ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

පන්දු 48 කට ලකුණු 29ක් රැස් කර ගෙන සිටි මුෂ්ෆිකර් රහීම් ගේ කඩුල්ල දවා ගැනීමට තරගයේ 38 වන පන්දු වාරය යවන ලද දසුන් ශානක සමත් විය.

ඒ වන විට බංග්ලාදේශ ඉනිමේ ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 155ක් ලෙසයි.

බංගලාදේශ කණ්ඩායමේ අවසන් කඩුලු දෙක දවා ගැනීමට මතීෂ පතිරණ සමත් විය. ඒ අනුව බංගලාදේශය පන්දු වාර 48.1 කදී සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 236ක් පමණි.
ඡායාරූප ශීර්ෂ වැකිය,බංගලාදේශ කණ්ඩායමේ අවසන් කඩුලු දෙක දවා ගැනීමට මතීෂ පතිරණ සමත් විය. ඒ අනුව බංගලාදේශය පන්දු වාර 48.1 කදී සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 236ක් පමණි.

අවසන් පන්දුවාර 10ට ලැබුණු ඉලක්කය

තරගයේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට පන්දු වාර 10 කදී ලකුණු 81ක් අවශ්‍ය විය.

තරගයේ 42 වන පන්දු වාරයේදී ෂමිම් හුසේන් ලකුණු 05 කට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් විය. බංගලාදේශ ඉනිම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ තව්හිඩ් හිර්දෝයි තරගයේ 44 වන පන්දු වාරයේදී දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් විය.

හිර්දෝයි පන්දු 97 කදී ලකුණු 82ක් රැස් කර ගැනීමට සමත් විය. නැවත වරක් 44 වන පන්දු වාරයේදී ක්‍රියාත්මක වූ මහිෂ් තීක්ෂණ, ටස්කින් අහමඩ් එක් ලකුණකට දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ඒමට සමත් විය.

බංා\\දේශ කණ්ඩායමේ අවසන් කඩුලු දෙක දවා ගැනීමට මතීෂ පතිරණ සමත් විය. ඒ අනුව බංග්ලාදේශය පන්දු වාර 48.1 කදී සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 236ක් පමණි.

පන්දු යැවීමේදී දසුන් ශානක, මතිෂ පතිරණ සහ මහිෂ් තීක්ෂණ කඩුලු 03 බැගින් දවා ගනු ලැබූහ.

මූලාශ්රය: බීබීසී

Translate