Home » මහ බැංකුව අද තහනම් කළ තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන ගොස් ඇති ආයතන 09 කුමක්ද?
Asia Economy Featured News South Asia Sri Lanka

මහ බැංකුව අද තහනම් කළ තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන ගොස් ඇති ආයතන 09 කුමක්ද?

පිරිමීඩ් මුදල් ගනුදෙණු පවත්වාගෙන ගොස් ඇති ආයතන 09ක් තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දී සිටින්නේ පිරිමීඩ් මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගිවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

තහනම් කළ ආයතන මොනවාද ?

පහත සඳහන් ආයතන තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන බව / පවත්වාගෙන ගොස් ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

තහනම් කළ සංවිධාන සම්බන්ධ නිවේදනය
ඡායාරූප ශීර්ෂ වැකිය,තහනම් කළ සංවිධාන සම්බන්ධ නිවේදනය

මහ බැංකුවෙන් නීතිපතිවරයාට ඉල්ලීමක්

පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 ඈ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳ සලකා බලන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇති බව මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

මහජනතාවට දැනුම් දීමක්

ඒ අනුව තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, කළමනාකරණය හෝ මෙහෙයවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දී සිටියි.

එමෙන්ම පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට ඇතැම් පිරිස් විසින් සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවද ශ්‍රී ලංකා බැංකුව කියා තිබේ.

පිරිමිඩ වංචාවට රැවටුණු පුද්ගලයින්ට දැනුම් දීමක්

අද දින ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ පිරිමීඩ් යෝජනා ක්‍රමයන් යටතේ කටයුතු කරනු ලබන සමාගම් කිහිපයකට එරෙහිව නීතිමය පියවර ගැනීමේදී ඒවා කඩා වැටෙන විට නැවත වෙනත් නමකින් මතුවන බවයි.

“විශේෂයෙන් කියන්න තියෙන්නේ ඒක පිරිමිඩාකාර ව්‍යාපාරයක් නම් ඒකේ ආයෝජනය කරලා අහුවෙන්න එපා. දැනට අහුවෙලා ඉන්නවනම් සල්ලි දාන්න කිව්ව අයගෙන්, ප්‍රමෝට් කරපු අයෙගන් ඒ සල්ලි ඉල්ල ගන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. නැත්නම් ඇවිල්ලා පැමිණිලි කරලා ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පොලිසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය දෙන එක තමයි කරන්න තියෙන්නේ.”

“මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා මේ ගැන විශාල දැනුවත් කිරීමක් සිදුකළා පසුගිය කාලයේදී. විශ්වාස කරනවා ජනතාව ඒ ගැන අවබෝධයක් ලබාගෙන ඇති කියලා.”

“ඒ වගේම සමහර තැන් වලදී අපි දැක්කා සමහරුන් කියනවා අපේ වොලට් එකේ සල්ලි තියෙනවා ගන්න විදිහක් නැහැ කියලා. අර වොලට් කියලා දාගෙන එකේ USDT තියෙනවා කියලා කියනවා. ඒවායේ නිකම් නොම්බරයක් විතරයි තියෙන්නෙ. ඒවායේ සල්ලි නැහැ. ගන්නවනම් කරන්න තියෙන්නේ අර සල්ලි දාන්න කියපු කෙනාට කියන්නේ මගේ වොලට් එකේ තියෙන USDT ටික ඔයා අරන් මට සල්ලි ටික දෙන්න කියලා. එහෙම නැතිව ඒ සල්ලි වෙන ගන්න ක්‍රමයක් නැහැ. ඒවා වංචාගත වැඩපිළිවෙලවල්. “

“එක එක ක්‍රමවේද හරහා ප්‍රචාරණ සිදුකරනවා ජනතාව රවටන්න. ඒ ගැන ජනතාව අවදියෙන් සහ දැනුවත් වීමෙන් සිටින්න කියලයි අපිට විශේෂයෙන් දැනුම් දෙන්න තිබෙන්නේ.” මහ බැංකු අධිපතිවරයා එහිදී පැවසීය.

මූලාශ්රය: බීබීසී

Translate