Home » ඇමති රොෂාන්ට අවවාදයක් පමණයි ! – අද අලුත් කැබිනට් පත්‍රීකාවක්
Featured News Politics South Asia

ඇමති රොෂාන්ට අවවාදයක් පමණයි ! – අද අලුත් කැබිනට් පත්‍රීකාවක්

නවක කැබිනට් මණ්ඩල සාමාජිකයකු වන ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහට කැබිනට් සම්ප්‍රදායන් සම්බන්ධයෙන් දැනුවත් කර ඔහුට අවවාද කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි

වාර්තාවේ.

ඇමතිවරයා කැබිනට් සාමූහිකත්වය කඩවන ආකාරයට කටයුතු කර ඇති බව සඳහන් කරමින් අද (07) දින තමා හමුවී ඒ සම්බන්ධව නිදහසට හේතු දක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී ඇත.

නියඟය හේතුවෙන් පිඩාවට පත්ව සිටින ගොවි ජනතාවට සමනල වැව ජලාශයෙන් ජලය ලබාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත්කල අවස්ථාවේදී වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ ද එම යෝජනාවට පක්ෂව කරුණු ඉදිරිපත්කර තිබිණ.

කෙසේවුවද විදුලිබල බල බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊට විරෝධය පළකර තිබුනේ, මෙම නියඟ තත්ත්වය තුළ එසේ ජලාශවලින් ජලය මුදා හැරියහොත් රටපුරා දිනකට පැය කිහිපයක් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවයි.

කෙසේවෙතත් එහිදී මෙම යෝජනාවට පක්ෂව සහ විපක්ෂව කරුණු ඉදිරිපත් වී ඇති අතර අදාළ යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති බවද සඳහන්ය.

සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, නියඟයෙන් පිඩාවට පත්වන ගොවි ජනතාවට සහනාධාරයක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අවසානයේදී තීන්දු කර තිබිණ.

කෙසේවුවද ඉන් අනතුරුව කැබිනට් තීරණය දැඩි ලෙස විවේචනය කරමින් ඇමති රොෂාන් රණසිංහ මාධ්‍ය හමුවේ කරුණු දැක්විය. තමා ඇමතිකම අතහැර යාමට සුදානම් බවද ඔහු මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

මූලාශ්රය: නායකයා

Translate