Home » ඉම්රාන් ඛාන් වසර 3 කට සිරගෙට
Featured News Pakistan South Asia

ඉම්රාන් ඛාන් වසර 3 කට සිරගෙට

නඩු විභාගයකින් පසු නීතිවිරෝධී ලෙස රාජය සතු ත්‍යාග භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවම් නියම කරතිබෙන අතර ඔහු ඒ අනුව අත්අඩංගුවට ගත් බව ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොලිසිය ඔහුගේ ලාහෝර්හි නිවස වටකර තිබේ.

ඔහු 2018 සිට 2022 දක්වා කාලය තුළ අග්‍රාමාත්‍යවරයාව සිටියදී නීතිවිරෝධී ලෙස රාජ්‍ය දේපල අලෙවි කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් පසු ඔහුට මෙලෙස දඬුවම් නියම විය.

පකිස්ථානු රුපියල් මිලියන 140කට (ඩොලර් 635,000) වැඩි වටිනාකමකින් යුත් විදේශ සංචාරවලදී ලැබුණු දෑ මිලදී ගැනීම සහ විකිණීම සඳහා ඔහුගේ තනතුර අවභාවිත කළ බවට ඔහුට චෝදනා එල්ල විය.

මූලාශ්‍රය : Gossip Lanka News

Translate