Home » විදුලි ගාස්තු වැඩි කිරීම : ”ලාම්පු තෙල් ගන්නත් බෑ. ගොඩක් වෙලාවට කරුවලේ ඉන්නේ”
Economy Featured News Sri Lanka

විදුලි ගාස්තු වැඩි කිරීම : ”ලාම්පු තෙල් ගන්නත් බෑ. ගොඩක් වෙලාවට කරුවලේ ඉන්නේ”

අද සිට අඛණ්ඩව විදුලිය සපයන්නට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක හැර සෙසු සාමාජිකයෝ විදුලි ගාස්තු වැඩි කිරීමට අනුමැතිය ලබා දුන්හ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විදේශගත වී සිටින අතර පොලීසිය අද ඔහුගේ නිල කාර්යාලයට සීල් තබා තිබේ.

රජය අපහසුතාවයට පත්වන ආකාරයේ සිදුවීම් ඒ තුළ වන බවට ලද තොරතුරකට අනුව අධිකරණ නියෝගයක් ලබාගෙන පොලීසිය එම කාර්යාලයට සීල් තබා ඇත.

සභාපතිවරයා යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ආතුරුව ඔහු ඉදිරිපිට දී අදාළ කාර්යාලය විවෘත කරන බව පොලීසිය පවසයි.

විදුලි ගාස්තු වැඩි කිරීමට ගෙන ඇති තීරණයට ජනතාව අප්‍රසාදය පළ කරති.

මූලාශ්රය : BBC

Translate