Home » සටන් විරාමය දීර්ඝ කරන්න හමාස් කැමතියි
Featured Global News Israel Middle East News

සටන් විරාමය දීර්ඝ කරන්න හමාස් කැමතියි

ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, ආරම්භ වුණු තාවකාලික මානුෂීය සටන් විරාමය, තවත් දින දෙකක් දීර්ඝ කිරීමට ගාසා තීරයේ හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇතැයි කටාර් රාජ්‍යය පවසයි.

පසුගිය සිකුරාදා (24) ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සිවුදින සටන් විරාමයක් ආරම්භ කළේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් සාකච්ඡා පවත්වමිනි. ඇමෙරිකාවත් ඊජිප්තුවත් සාකච්ඡා සාර්ථක කර ගැනීමට පසුපස සිටිමින් ශක්තියක් වූ බව කටාර් එමීර්වරයා පවසා තිබේ.

දෙපාර්ශ්වය අතරේ එකඟත්නයක් ඇති වූයේ ඊශ්‍රායලය, එරට බන්ධනාගාරවල සිටින පලස්තීන සිරකරුවන් 150 දෙනකු නිදඑස් කිරීමට සහ හමාස් සංවිධානය ඔවුන් විසින් ඊශ්‍රායලයේ දී අල්ලා ගෙන ප්‍රාණ ඇපයේ රඳවා ගනු ලැබූ 240 දෙනාගෙන් 50 දෙනකු මුදා හැරීම සඳහාය.

සිවුදින සටන් විරාමය අද (28) අවසන් වෙයි. එය තවත් දීර්ඝ කරන්නැයි ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන් ද ඉල්ලීමක් කර ඇත. සටන් විරාමය තවත් දින දෙකක් දීර්ඝ කිරීමට හමාස් සංවිධානය එකඟ වුවත්, ඊශ්‍රායලය ඒ සම්බන්ධයෙන් තවමත් හරිහැටි කිසිවක් පවසා නැත.

මූලාශ්‍රය: ලංකාදීප

Translate