Home » පාකිස්තාන – ඇෆ්ගනිස්ථාන දේශසීමා අර්බුදය උත්සන්න වෙයි
Afghanistan Defence Featured News Pakistan South Asia

පාකිස්තාන – ඇෆ්ගනිස්ථාන දේශසීමා අර්බුදය උත්සන්න වෙයි

පාකිස්තාන හා ඇෆ්ගනිස්ථාන දේශසීමා අර්බුදය උත්සන්න වී ඇතැයි ඇෆ්ගනිස්ථානයේ කාමා ප්‍රෙස් පුවත් සේවය වාර්තා කළේය. දෙරට අතර දේශසීමාව බෙදී ගිය ‘ඩුරාන්ඩ් ලයින්‘රේඛාවේ තම ස්ථාවරය පිළිගැනීමට බල කරමින් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය පාකිස්තානයට බලපෑම් කරමින් සිටින්නේ බලයට පත්වූ කාලයේ සිටමය.

දේශසීමා අර්බුදය සම්බන්ධව ඇෆ්ගනිස්ථානයේ ඉල්ලීම් ගැන සැලකිල්ලක් නොදක්වන පාකිස්තානයේ අරමුණ වී ඇත්තේ ඩුරාන්ඩ් රේඛාවේ තම ස්ථාවරය බලහත්කාරයෙන් තහවුරු කර ගැනීම බව කාමා ප්‍රෙස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

එම පුවත් සේවයේ වාර්තාවකට අනුව තලේබාන් සංවිධානය ඔවුන්ගේ උපායමාර්ගික අවශ්‍යතාවලට යටත් නොවන බව වටහා ගත් පාකිස්තානය පසුගිය වසර දෙකක කාලය ඇතුළත ඩුරාන්ඩ් රේඛාවේ හමුදා බලය වැඩි කිරීමට ද කටයුතු කර ඇතැයි වාර්තා වේ. වසර 2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කරගැනීමෙන් පසු පාකිස්තානය හමුදාව ඇෆ්ගනිස්ථාන ගුවන් සීමාව උල්ලංඝනය කිරීම් සහ වරින් වර වෙඩි තැබීම් සිදු කර ඇතැයි ද කාමා ප්‍රෙස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

Source : Dinamina

Translate