Home » ලුණු කා අකලට මිලින වන ජීවිත රැක ගන්න වැඩසටහනක්
Featured News Science Sri Lanka

ලුණු කා අකලට මිලින වන ජීවිත රැක ගන්න වැඩසටහනක්

වසර 2025 වන විට මෙරට සිදු වන අකල් මරණවලින් සියයට 25ක් අඩු කර ගැනීමේ අපේක්ෂාවෙන් ජනතාව අතර ලුණු භාවිතය අවම කිරීම පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇතැයි උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පෝෂණ වෛද්‍ය විශේෂඥ මාලිකා උඩගෙදර මහත්මිය පැවසුවාය.

දිනකට පුද්ගලයකු භාවිත කළ යුත්තේ ලුණු ග්‍රෑම් 5ක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇතත්, මෙරට පුද්ගලයකු දිනකට ලුණු ග්‍රෑම් 14.2ක් භාවිත කරන බවට 2021 වසරේ සිදු කළ සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ.

වසර 2021දී සිදු කළ මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 18ත් – 69ත් අතර පුද්ගලයන් 6700ක් සහභාගි කරගෙන තිබේ. ඉන් පිරිමි පුද්ගලයන්ගෙන් සියයට 62කට සහ කාන්තාවන්ගෙන් සියයට 48කට අධිරුධිර පීඩනය පවතින බවට හෙළිව ඇතැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ෂෙරින් බාලසිංහම් මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇය මේ බව ඊයේ (17) ප්‍රකාශ කළාය. ලෝක අධිරුධිර පීඩන දිනය ඊයේට (17) යෙදී තිබිණි.

අධිරුධිර පීඩනය හේතුවෙන් වාර්ෂිකව මිලියන 10ක පමණ ජනතාවක් මරණයට පත් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

මූලාශ්‍රය : දිනමිණ

Translate