Home » ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන එක්දින තරඟයෙන් වාර්තාගත ලකුණු 317ක ජයක් ඉන්දියාවට; ක්ලීන් ස්වීප් තරගාවලිය 3-0
Featured Global News News Sports Sri Lanka

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන එක්දින තරඟයෙන් වාර්තාගත ලකුණු 317ක ජයක් ඉන්දියාවට; ක්ලීන් ස්වීප් තරගාවලිය 3-0

ඕවර 50 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී මෙතෙක් පැවැති විශාලතම ලකුණු 317 ක පරතරයකින් ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාව ඉතිහාසයට එක් විය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිරුවනත්පුරම්හිදී ඉරිදා පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

මීට පෙර නවසීලන්තය 2008 ජූලි මාසයේදී ඇබර්ඩීන්හිදී අයර්ලන්තයට එරෙහිව ලකුණු 290 ක ජයක් වාර්තා කළේය. ලකුණු 391 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව ඕවර 22 කදී සියලු දෙනා දැවී ලකුණු 73 ක් රැස් කළේය. ඉන්දියාව වෙනුවෙන් මොහොමඩ් සිරාස් කඩුලු 4ක් බිඳ හෙළීය.

මීට පෙර ශුබ්මන් ගිල් සහ විරාත් කෝලිගේ ශතක බැගිම හේතුවෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 390ක් ලබා ගැනීමට සමත් විය.

ශුබ්මන් ගිල් පන්දු 97කදී ලකුණු 116ක් රැස්කරමින් සිය ක්‍රිකට් දිවියේ දෙවැනි එක්දින ශතකය වාර්තා කළේය. විරාත් කෝලි පන්දු 110කදී නොදැවී ලකුණු 166ක් රැස්කරමින් සිය ක්‍රිකට් දිවියේ 46 වැනි එක්දින ශතකය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් ද, චාමික කරුණාරත්න එක් කඩුල්ලක් ද බිඳ දැමූහ.

මූලාශ්රය: News Onair

Translate